ගොවි රජාණෙනි......
සැමට බත දෙවන නුඹ සැමට පෙර පිබිදිලා... කහට උගුරින් සෑහී; කුඹුර වෙත පිය නඟයි.... අරුණලු සමඟින් ම පා නඟන ඔබේ සිරුර... සිසිල් මඳ නලින් පණ ලබයි. දිරි ලබයි.... අව් වැසි නොබලා වෙහෙසෙමින් තම ශ්‍රමය යොදවමින්... රට සරුසාර කරන ගොවි රජ ඔබ සැබෑ රජෙකි.... සැම දිනම වෙහෙසිලා; මෙබිම සරුසාර කරන... ගොවි රජාණෙනි ඔබට පතන්නම් දීඝායු... සිතාපන් මිනිසුනේ.... ඔබ බුදින බත් අැටයක් පුරා පැතිර අැති ඔහුගේ ශ්‍රමය.... තක්සේරු කළ හැකිද ඔබට? කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා