Posts

Showing posts from August 16, 2017

ප‍්‍රේමය....

Image
විඳිනෙමි වේදනා; ජිවිතය පුරාවට....... කඳුළු බොමි පිපාසය නිවාලන්නට; හදේ දැනෙනා....... අවංක වීමි හදවතට.. ආදරය පුද දී, මියෙන්නට තරම්; මහද අසරණය....... මන්ද යත්, මම ඔබට පෙම් කරමි. විටෙක සිනාසුනෙමි; ආදරයේ සේයාව වැටී....... ඒ සේයාව මැකී යන්නට වූ සඳ, මහද හඬන්නට වූ නමුඳු පවිත්‍ර ප‍්‍රේමය; මා මිරිඟු සයුරක.. තනිකරන්නට තරම් කුරිරු විය. කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පිනින් සාර නෙළුම් මලේ.....

Image
ගොහොරු මඩේ ඉපදීලා..   යසට වැඩෙන්නේ.... ගොහොරු මඩේ බිඳුවක්වත්..   නොගැවී ඉන්නේ.... නිසි කාලෙට දියෙන් මතු ව..   පිපී වැනෙන්නේ.... තඹරු මලේ ඔබේ සුවඳ..   දසත හමන්නේ.... දෝවන්නම් මුනි පාද කමල් නිති..   සුවඳ නෙළුම් මල්..   පුදා බැතින්.... වීතරාගී මුනි සමිඳු වඳින්නම්..   සුවඳ නෙළුම් මල්..   පුදා බැතින්.... සම්බුදු හිමියන්..   අසලම රැඳෙමින්.... සම්බුදු සිසිලස..   නිබඳ ව විඳිමින්.... සම්බුදු අසිරිය..   ලොවට ම පුදමින්.... පිනින් සාර පියුමක් වුයේ ඔබ..   කුමන පිනින්.. සියළු දනන් ලොව..   සුවපත් කරමින්.... වෙහෙසුණු සම්බුදු..   පාද පියුම්.... පූූජා වේවා..   සිරි පා අභියස.... පූජා කරනා..   සුවඳ නෙළුම්.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා