Posts

Showing posts from November 20, 2017

රස ගුණ දෙකින් පිරිපුන් එළවළු ද කවා.. මව්වරු සතුටු විය අප කුසගින්න නිවා....

Image
රස ගුණ පිරි නැවුම් ආහාර සොයලා.... මෙත් ගුණ මුසු කරලා රස කෑමක් මවලා.... කරුණා ගුණය හද රඳවා එය බෙදලා.... අම්මා සැනසුණා අප හට එය කවලා.... සොයලා පලා නිති සිටි ගෙවත්තෙන්.... සෝදා හනික කපලා එය පිරිසිඳුවෙන්.... ගුණ පිරි ලෙසට සකසා ලද ඇසිල්ලෙන්.... අප වෙත දුන්නා සැමදා එය ආදරයෙන්.... කම්මැලි නොවී සවසට රස කෑම සදා.... අප තුටු කළා කවලා එය අපට සදා.... අප එන තුරුම සවසට යළි නිවස බලා.... ඇගෙ නෙත් වෙහෙසුවා එන මඟ මිඳුල බලා.... ආදර ගඟුල ඇගෙ හදවත හැමදාමත්.... අප වෙත පුදලා ඉව්වේ බත් හැමදාමත්.... රස ගුණ සපිරි ආහාර දී හැමදාමත්.... රැක ගමු ඇයව පුද දී අප ආදරයත්.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා