Posts

Showing posts from March 25, 2018

වඳිමු බැතියෙන්....උතුම් පින්බිම කැළණියේ....

Image
රම්‍ය නගරය කැළණියයි.. එදා සැළලිහිණියේ.... බුදුන් සිරිපා තැබූ ඒ.. කැළණි ගංගා කොමළියේ.... සිවුරු දාගැබ අදත් පුදුමයි.. ඒ එගොඩ කැළණියේ.... දකිමු සතොසින්.. වඳිමු බැතියෙන්.. උතුම් පින්බිම කැළණියේ.... උතුම් බුදු හිමි වැඩි එදා.... උතුම් බුදු බණ දෙසු එදා.... උතුම් බුදු බල පැතිරුණා.... උතුම් පින්බිම සැනසුණා.... සිහි කරමු අප බැති සිතින්.. මණිඅක්ඛිත නා රජුන්.... අැරයුම් ලබා වැඩි ඒ එදා .. අප මහා බුදු රජාණන්.... සිහි කරමු අප මහත් බැතියෙන්.. ඒ උතුම් රජ සිටුවරුන්.... අදත් වඳිනට සෑ වෙහෙර මළු.. සෑදවූ සැම බැති සිතින්.... සිත්තරාණන් සෝලියස් මෙන්ඩිස්.. ඇඳි එදා ඒ සිතුවමින්.... මනබඳී අද දකින සැමගේ.. පුබුදුවා නෙත් සිත් පහන්.... ධාතු මන්දිර, වෙහෙර සෑ මළු.. ඒ උතුම් බෝ රජාණන්.... පින්බරයි ඒ දකින සැම සිත්.. පුබුදුවා බැතිබර හැඟුම්.... කැළණි පුරේ අහස පුරා.... කැළණි සෑය රැස් විහිදා.... දැයේ අඳුර දුරු කරලා.... ආසිරි මල් සෙමෙර සලා.... සුදෝ සුුදට බබළන්නා.... සුවඳ මලින් පුද දෙන්නා.... මුඳුනත් දී නමඳින්නා.... කැළණි සෑය බැති සිතිනා.... පින්වත් ලක් මෑණියගේ.... හෙළ අසිරිය විහිදාල