සුරඟන ලොවින් ආවා දෝ මගෙ පුතුනේ....

පැතුමන් ඉටු වෙලා මහදේ හැඟුම්බර.... ආදර සෙනෙහෙ ගඟ ගලලා සෙනෙහෙබර.... මේ සසරෙදිත් හමු වීලා පැතුම්බර.... සිත් මල් යා කළා සතුටින් දයාබර.... හද වේදනා දුරු වී සිත සතුටින් දැන්.... අප ළං වෙලා ආදරයෙන් සතුටින් දැන්.... අප දැන් එක් වෙලා බැඳුමෙන් රන්හුයකින්.... මගෙ ලෝකයම ඔබමයි හිමියනි මේ දැන්.... සුරඟන ලොවින් ආවා දෝ මගෙ පුතුනේ.... සුුරතල් සිනහ හඬ අප දෙහදේ රැඳුනේ.... පුන් සඳ විලස දිලි දිලි අප හද උයනේ.... දින දින ලොකු වෙන්න හනිකම මගෙ පුතුනේ.... පියුමන් පිපී මා සිහිනේ පොකුණු සලා ... කිරි සුවඳින් පිරි පුුතු මුව සිනහ සිලා.... ඒ සුවඳින් අපෙ ලොව අද පහන් වෙලා.... මතු දා වාසනා වේ ආසිරි සෙමෙර සලා.... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා