Posts

Showing posts from August 17, 2017

මල්ලියේ.......

Image
කෝපි මල් හිනැහෙනා හිමිදිරි පාන්දර ඉරුණු කමිසය අැඳන් පොත් මිටිය තුරුලු කර අකුරු කරනට දුවන මල්ලියේ.... පා නුඹේ රිදෙන මුත් සිතට නොගනින් එයද අකුරු කර ජය ගන්න මල්ලියේ වාසනා.... පාසල් ගොසින් නුඹ ඉගෙන ගෙන මතු දාක අක්කගේ පැතුම් හැම ඉටු කරන්නට නුඹට හැකි වේවි මලනුවනි.... දිරි ගනින් නුඹෙ සිතට.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

දෙපා ලදිමි.......

Image
මිනිස් භවයේ ඉපදුනෙමි; කුමක් හෝ පිනකින්....... නමුත් හනි හනික පියාඹමි; ජීවන ගුවන් ගැඹ සිසාරා....... තරඟකාරීත්වය පෙරමුණ ගෙන ඇත....... කිනම් වරදක් විණිදැයි නොහැඟේ. එනමුදු වරදක සේයාවක් ඇස ගැටෙයි; අහස් ගැබේ ජීවන මං තලාවේ....... ඔවුනොවුන් පරයන්නට වෙර දරයිි....... දිවා රෑ නොබලා වෙහෙසුණ ද, දිවියෙහි යථාර්ථය පසක් නොවුනේ; මක් නිසාදැයි නොදනිමි. දනිමි පිය නැගූ අතීතය; ගෙවී ගියේ....... දෙපා නොලද්දකු ලෙසින් බව. අනාගතය වෙත පිය නඟමි....... දෙපා ලද්දකු ලෙසින්....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා