Posts

Showing posts from September 4, 2017

සැබෑ ආදරය.......

Image
දෑත් දෙපා අහිමි වුනත්.... හදවත පෙම් බැන්ද සෙනෙහෙ.... නෑ අඩුවක් නම් වීලා.... එදා වගේමයි තාමත්.... ඔබ මා ඇත එක් වීලා.... ඔබගේ සිත් මල් සුවඳින්.... මහද පියුම් විකසිත වී.... ආදරයෙන් තව ළං වෙයි.... ඔබ තුරුලෙහි නැළවෙන්නට.... දසතම ඒ මල් සුවඳින්.... පිබිදීලා සැනසීලා.... අපේ ලොවෙහි සතුට විඳිමු.... ආදරයෙන් සැනසීලා.... සංසාරෙන් සංසාරෙට.... ඉන්නට ඇති හැමදාමත්.... ඔබ මා ළඟ එක් වීලා.... අහිමි වුනත් දෑත් දෙපා.... නෑ අඩුවක් මා සෙනෙහේ.... රැක ගන්නම් ඔබව සදා.... ආදරයෙන් පෙර විලසම.... නොසැලෙන්නම් කිසිම විටෙක.... කෙතරම් බාධක ආව ද.... සැතපෙන්නම් ඔබේ ළඟ ම.... සිනහව ඔබ හට පුදලා.... ආදර ගඟුලෙහි නැළවෙමු.... සතුටින් අප එක් වීලා.... හැමදාමත් ඔබේ වැඩට.... සතුටු වෙලා දිරිය වෙලා.... අපේ ඔරුව පැදගෙන යමු.... ජීවන ගඟ එතෙර බලා.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා