Posts

Showing posts from January 25, 2018

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
මාගේ වෙබ් අඩවියේ පළවූ නිර්මාණයන් අතරින් වැඩිම පිරිසක් මෙම නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි. 1. සැබෑ ආදරය....... - 483 2. මගෙ ඇත් රජුනේ....... - 403 3.Desert Flower...... කාන්තාරයේ කුසුම...... - 375 4. හොඳම වෙදතුමිය ඇය ඒ වසරේ ම....... - 374 5. පුදුමයි දුටුවොතින් ඔබ ඒ බිළිඳු අද.... කුඩා හිමි නමයි ඒ පන්සලේ අද.... - 370 6. ඔෂීන්.... -  361 7. වැස්ස වළාහක දෙවියනි, දිවැස් හෙළනු මැන...  - 349 සැබෑ ආදරය....... දෑත් දෙපා අහිමි වුනත්.... හදවත පෙම් බැන්ද සෙනෙහෙ.... නෑ අඩුවක් නම් වීලා.... එදා වගේමයි තාමත්.... ඔබ මා ඇත එක් වීලා.... ඔබගේ සිත් මල් සුවඳින්.... මහද පියුම් විකසිත වී.... ආදරයෙන් තව ළං වෙයි.... ඔබ තුරුලෙහි නැළවෙන්නට.... දසතම ඒ මල් සුවඳින්.... පිබිදීලා සැනසීලා.... අපේ ලොවෙහි සතුට විඳිමු.... ආදරයෙන් සැනසීලා.... සංසාරෙන් සංසාරෙට.... ඉන්නට ඇති හැමදාමත්.... ඔබ මා ළඟ එක් වීලා.... අහිමි වුනත් දෑත් දෙපා.... නෑ අඩුවක් මා සෙනෙහේ.... රැක ගන්නම් ඔබව සදා....