Posts

Showing posts from April 15, 2017

අවුරුදු කුමරු වඩින්නේ.......

Image
සමන් දෙවිඳු කරුණාවෙන්.... අලුත් ඉරක් පායන්නේ.... අලුත් සහල් මංගල්ලෙන්.... සිරිමා බෝ සමිඳු පුදන්නේ.... වැඩ අත් හැරලා.... පන්සල් යන්නේ.... බුුුදු හිමි වැඳලා.... දෙවියන් පුදලා.... අවුරුදු ලබලා.... සිත් මල් පිපිලා.... අවුරුදු කුමරු වඩින්නේ........ ලිප ගිණි මොලවා.... කිරි උතුරාලා.... කිරිබත් පිසලා.... වැඩ අල්ලාලා.... ගණු දෙනුු කරලා සැම දෙන තුටු වී..... අවුරුදු සිරියෙන් පිබිදීලා.... ගස් වැල් පිබිදී නව පණ ලබලා.... මල් ඵල බරවී තුටු වීලා.... හිස තෙල් ගාලා.... ගත සිත පිබිදී.... අවුරුදු සිරියෙන් සැනසීලා.... නෑගම් යන්නේ සතුට බෙදන්නේ.... සැම සිත් සමඟිව තුටුු වන්නේ... සතුට ලබන්නයි සතුට පුදන්නයි.... අවුරුදු කුමරු වඩින්නේ........ කිරි දියර නහවා....!! ගත සිත සතුට ගාවා....!! යස ඉසුරු බෝවා....!! අලුත් අවුරුදු ජයම වේවා....!! ඔබටත් පවුලේ සැමටත් සිත් මල් විකසිත වන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා! Wishing U & Ur Family a Happy, Peaceful, Prosperous New Year! කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා