ළඟ එන වැස්සට හැඩවෙන අහසක අන්දම්.......

හිරු රැස් අතරින් සැඟවී සැඟවී.. ඈතින් ඈතට පාවී පාවී.. දිලිසෙන රන්වන් රන්වන් අහසේ.. සිසිල් වළාවන් සැදෙමින් සැදෙමින්.. සැරසෙන අන්දම් අන්දම් මුකුලිත.. වැස්ස වළාහක දෙවිඳුන් සමඟින්.. හැඩවෙන හැඩවෙන පෙළ සැදි හෙමිහිට.. කළුවන් පැහැයෙන් සැරසෙන හැඬුමට.. විහිදෙන සිසිලස සිසිලස සුවදෙන.. විදුලිය කොටලා වෙඩි මුරයක් දී.. නහවා සිසිලෙන් සැනසෙයි මිහිකත.. කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා