Posts

Showing posts from June 27, 2017

පොතේ දැනුම.....

පොතින් කියවා ගන බොල් කඳු ගණන් හිස තුළ පුරවන තැනැත්තේ සැබෑ බුද්ධිමතෙක් නොවේ . ජීවිතේ අබිරහස නමැති පොත ඔහුට නොවැටහෙන හෙයිනි , තෘණ   විද්‍යාව   පොතින් උගත්තකුට තණ පත් පිබිදෙන හඞ සවනට නෑසේ . දන්නා තාක් සිප් සත දෙසා බෑවද ඔහු කියන දෙයින් ගැඹුරු සම්බුද්ධියක් ඔබට නොලැබෙනු ඇත . ජීවිතය වටහා ගැන්මට ජීවිතය දෙස ම බලනු මිස රෑ පහන් වන තුරා පොත් පිටු අතර මැරිමැරී ඉපදීම කවර ඵලයක් එළවා ද ? තම හදවත ගැහෙන හඞ වැරදියට වටහා ගෙන එය ගලවා විසි කරන අය බුද්ධිමත්තු ද ? ඔබේ සියලු ම වදන් අතර ඉතා ම ගැඹුරු ඉතා ම මිහිරි රස වන්නේ මිනිසා ගැන , මිනිසාට දැනුම දෙන වදන් ය .                                              - ෆෙඩ් ‍ රික් එංගල්ස් -