Posts

Showing posts from September 7, 2017

මගෙ ඇත් රජුනේ.......

Image
පුතෙක් විලසින් ම හැම දින මට දැණුනේ.... දරු සෙනෙහසින් පිරිලයි මා ළය පිදුනේ.... එදා මෙන් ම හීලයි.. මට නම් නෑ.. නපුරු වුනේ.... මගේ ඇත් රජුනි.. නිදියන් ඉතින්.. දැන් සංතොසිනේ.... උඹේ ළඟින් හැමදාමත් මම ඉන්නම්.... නපුරු දනන්ගෙන් පණ මෙන් රැක ගන්නම්.... පියතුම වගේ ඔබ හට නිති දිරි දෙන්නම්.... මව්තුම වගේ ඔබ වෙත ආසිරි දෙන්නම්.... තනියට මගේ දිවි ගමනට එකතු වෙලා.... උඹ තනි රකියි මගෙ ලෝකයෙ පහන වෙලා.... වැරදීමකින් මම බැන්නොත් නපුරු වෙලා.... නොතැවෙන් මගේ ඇත් රජුනේ සමා වෙලා.... දින දින ගෙවී ලොකු වීලා තරුණ වෙලා.... උඹ සද්දන්තයෙක් වීලා හෙට දවස බලා.... පා තබනා දින මා ඇත මහළු වෙලා.... සළකාපන් එදාට මා ළඟට වෙලා.... මේ අහපන් මගෙ රජුනේ ළං වීලා.... මා මැරුනොතින් යම් දිනකදි මහළු වෙලා.... නොහඬා ඉඳින් පුතුනේ මට ළං වීලා.... පරිස්සමෙන් ඉඳපන් උඹ නොවී මුළා.... පියතුම වගේ මා හට අද තනි රකිනා.... පියතුම නුඹයි ඇත් ගොව්වනි මා රකිනා.... යන්නට සිතෙනමුත් මට හැම විට නිතිනා.... කොහොමද යන්නෙ හැරදා නුඹ මා රකිනා.... ආසිරි සළා මගෙ හිස අත ගා නිතින.... ආහර සොයා මා වෙත ගෙන එන නිතින.... අම්මා වගේමයි මා හැ