Posts

Showing posts from August 5, 2024

නොලිව්වොත් කවියක් ඔබ නමින් චමරියේ..

Image
 නොලිව්වොත් කවියක් ඔබ නමින් චමරියේ.. කුමට මා ලද කවි කම්.... එදා මා ලක්මව රනින් සැරසූ.. ඔබයි රැජිණිය වුනේ අපහට.... නිබඳ පන්දුවෙන්.. පිත්තෙන්.. පෑ විස්කම් සැම දිනේ.. මතකයේ ඇත අපේ සදා.... ආසියාවේ සියළු රටවල් පැරදවූ.. සිංහ දියණියේ.... ඔබෙන් ලද පන්නරය සමඟින්.. හර්‍ෂිතා, කවීෂා ඇතුළු සැම දියණියෝ.. දැයේ විස්කම් පාති..  අපෙ සිංහ දියණියෝ.... ඔබ යකඩ ගැහැණියයි.. මගේ ලක්මව තැනූ.. ඔබෙන් ලද හැකි දේ බොහෝ.. අපේ නව පරපුරට.... නිහතමානී ගුණය, අදිටනින් ජය ගැනුම.. සමඟින් ම උත්සාහය.. චරිතය ද රැක ගැනුම.. අනර්ඝයි කැපවීම....  සිහි කරමි හදවතින්.. අප්සාරී මිස් ඔබත්.. දුන් සහාය සැම විටත්.. ලැබුමට මේ ජයත්.... බොහෝ අය ඇත මෙතෙක්.. උදව් කළ ජය ගන්න.. කාන්තා ක්‍රිකට් අදට..  හෙට රටට ජය ගන්න.. පුදමි තුති හදවතින්.. සැමට මා කවි මලින්.... ලොවක්‍ පරදා රන් කිරුළු දරන්නට.. නුදුරුම දිනෙක.. මගේ ලක් මෑණියන්ට.. පැතුම් මල් පිපේවා.. චමරියේ....   කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා