Posts

Showing posts from July 4, 2018

ඔබ ඇවිත් මගෙ හද පුරා....

Image
ඔබ ඇවිත් එබිකම් කළා.... මගේ ලොව වෙත හද සළා.... සොඳුරු සිතිවිලිි පිබිදිලා.... සිනාහ මල් විකසිත වෙලා.... ඔබ ඇවිත් මගෙ හද පුරා.... සොඳුරු සිතුවම් මව මවා.... පුදමි මගෙ හද මල් දරා.... සුවඳ ආදර සිත දයා.... මහද පිබිදී සිසිලසින්.... සතුට සිනහා ඉතිරිලා.... විඳිමි ඔබ හද අසපුවෙන්.... දැනෙන සැනසුම තුටු වෙලා.... පතමි දින දින ගෙවීලා.... එකම අාදර කැදැල්ලේ.... රන් හුයෙන් අප බැඳීලා.... දිනක මතු දා වාසනා.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා