Posts

Showing posts from April 17, 2019

මසිත බැති කුසුම්.. පුදමි සෙනෙහසින්....

Image
ඔබෙන් ලද පන්නරය.. මෑණියනි, පියාණනි.. සිහි කරමි බැති සිතින්.. සැම දිනේ.... අයනු, ආයනු හැඳින.. ගුරු ගෙදර අකුරු කළ.. සිහි කරමි හදවතින්.. සැම දිනේ.... බිළිඳු මා සිත සවිය.. ඇති කළා පොත පතින්.. වඳින්නම් ඔබ දෙපා.. ගුරුමව්නි පියාණනි.... ජීවිතය හරවත්ව.. ගෙන යන්න හුරු කළා.. ජයක් දිවියේ ලැබගන්න.. අවැසි බව මතු කළා.... දිනෙන් දින වැඩී සිත.. පොත පතට හුරු වුණා.. දිනෙක මේ ජය ගන්න.. උත්සහය වැඩි වුණා.... සෙනෙහසින් සිහි කරමි.. බැතිබරව සැම දෙනම.. ඔබ නොවේනම් කොහොම.. ලැබ ගන්නෙ මේ දිනුම.... මෑණියන් පියාණන්.. ගුරුමවුන් පියාණන්.. නමදිමින් ඔබ දෙපා.. පුදමි තුති හද බැතින්.... මා සමඟ අකුරු කළ.. මා මිතුරු මිතුරියන්.. සිහිකරමි සෙනෙහසින්.. පුදා මේ කවි කුසුම්.... සැම මිතුරු මිතුරියන්.. දිරිය දුන් සැමදාම.. සිටියෙ සෙවණැල්ල මෙන්.. සිහි කරමි හදවතින්.... වැටි වැටී නැඟිටිමින්.. දිවිය ගෙන යන හැටී.. කියා දුන්  සැම දෙනම.. සිහි කරමි මම් මෙසේ.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා