Posts

Showing posts from April 14, 2018

සූර්‍ය මංගල්ලේ.......

Image
බක් මාසේ අද.... සූූර්‍ය මහ රජ කොයි යන්නේ.... මීන රාශියෙන් මේෂ රාශියට.... අළුත් ගමනකිය අද යන්නේ.... සමන් දෙවිඳු කරුණා කරලා.... අළුත් ඉරක් අද පායාලා.... අළුත් සහල් මංගල්ලෙන්.... සිරිමා බෝ සමිඳුත් පුදලා.... ගස් වැල් පිබිදී නව පණ ලබලා.... මල් ඵල බර වී තුටු වීලා.... අටු කොටු පිරිලා සැම සිත් තුටු වී.... භගවත් මාසය එළඹීලා.... අවුරුදු කුමරුගෙ වසත් කුමරියගෙ.... මංගල වීණා වැයෙන මාසයයි.... අවුරුදු සිරියෙන් මංගල සිරියෙන්.... කෝකිල කූජන නැගෙන මාසයයි.... එරබඳු, බක් මී මල් සැම පිපිලා.... ගස් වැල් සිරියෙන් පිබිදීලා.... සුුවඳ දිදී අද සැම තැන වැටිලා.... ජය මංගල්ලෙට ආවඩලා.... එකම නැකතකට ජාතිය එක්වී.... පන්සල් යන්නේ.. බුදුන් වඳින්නේ.... ලිප ගිණි මොලවා කිරි උතුරාලා.... කිරිබත් පිසලා.. වැඩ අල්ලන්නේ.... ගණු දෙනුු කරලා සැම දෙන තුටු වී..... අවුරුදු සිරියෙන් පිබිදීලා.... හිස තෙල් ගාලා.... ගත සිත පිබිදී.... අවුරුදු සිරියෙන් සැනසීලා.... නෑගම් යන්නේ සතුට බෙදන්නේ.... සැම සිත් සමඟිව තුටුු වන්නේ... සතුට ලබන්නයි සතුට පුදන්නයි.... අවුරුදු කුමරුන් මේ එන්නේ.... සූරිය මංගල වසත් සැණ