Posts

Showing posts from September 11, 2016

ඔබට නැත උපමා සෙබලුුනේ ඔබ හැර....

Image
හිරුට නැත උපමා හිරු හැර.... සඳුට නැත උපමා සඳු හැර.... බිමට බට දෙවිඳුනේ නිසි කළ.... ඔබට නැත උපමා ඔබ හැර.... වෛරයේ යදමින් බැඳුණු සහෝදරත්වයේ රන් දම් වැල්.... රැක ගත් සැටි අපූරුය.... අප ජනතාව.... ඔබගේ දිවි ඇති තුරා.... රණ බිම වෙත පිය නැගීය.... යුද්ධයේ මුවාවෙන් වැළලුණු ඔබගේ අහිංසක තාරුණ්‍යය.... වැළපෙන්නට ඇත; පියෙන ඇසිපිය වාරයක් පාසාම.... නමුදු වීරත්වය; පිසදානු ඇත.... ඔබගේ ඒ කඳුලැල්!!! එවන් නිමේෂයන් තුළ.... මාපියන් හැර දමා; අඹු දරු, පෙම්වත  පෙම්වතියන් තනිකර; ඔබගේ ගෙවූ ඒ අමිහිරි ජීවිතය; නිම වුව ද; පෙම් කරනු ඇත; ඔබගේ ඒ සුන්දර ජීවිතයට.... සැනසුම් සුසුමක් හෙළා; ජීවය හැරදා යන්නට තරම්.... ඔබගේ වීරත්වය උදාරය.... මිනිස් වර්ගයා පටු සීමා වලින් වෙන් වුව ද, එකම මිනිස් කුලයකට අයත්‍ ය.... නමුත් සෙබලුණි.... ඔබ අහිංසකය....... ඔබ අකාරුණික වුවා යැයි නොසිතමි මම.... ඔබ ජීවිතය පුද කර ඇත.... රට දැය උදෙසා.... ඔබට සදා ජය පතමි.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා