Posts

Showing posts from August 12, 2016

කඳුල !!!!

Image
වේදනාවක් මා හදට රිඳුම් දුන් සඳ.... නෙතින් කඳුලු වැල් කඩා හැලිණි....... ඒ දුක්බර රාති‍්‍රයේ.... මා මෙදියතෙහි තනි වුවා වැනි විය....... නොදනිමි ඇයි දැයි එදා මා හැඬූයේ.... මා නොදැනුවත්වම කඳුලක් මෝදු වන්නට.... පටන් ගන්නා සෙයක් දැණිනි....... කිමක් විණිද ඒ සිනහවට; කඳුල රජයන මෙවන් නිමේෂයක.... එදා මා හදවතින් සැනසෙද්දී....... නෙතින් ගලා ගිය සතුටු කඳුලක.... සේයාව දැනුදු මසිතේ සටහන්ව ඇත....... නමුදු නොදනිමි.... කොහේ සැඟවිණි දැයි  ඒ සිනහව....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

සිනහව....

Image
නොවින්ඳෙමි සතුටක සේයාවකුඳු; එනමුත් සිනාසුනෙමි විටෙක. හදවතට දැනුණු වේදනාවෙන් යම් පමණකට හෝ මිදෙන්නට මෙන්; උරුම කර දුණි ඒ නිමේෂයට; සතුටක සේයාවක්....... කුමක් නමුත් සියුම් වෙනසක් වන්නට ඇත, ඒ සිනහවෙන්....... හැඳින නොගත්තෙමි; ඒ ගැඹුරු වෙනස; සිනහවක් නොහඳුනන හදක් මෙන්....... කුමක් විද මේ මිනිස් මනසට.... සිනහවක් හඳුනන්ට තරම්වත්; ඇයි මසිත හැඟුම් බර නොවූයේ?........ කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

සොඳුරු කලාකරුවකුගේ නික්ම යාම!......

Image
දැයක් සැනසු... දැයක් හිනැස්සූ... දැයක් නැළවූ... සොඳුරු කලාකරුවාණනි..... ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත... වදන මුසාවක් කළ... කලා කෞශල්‍යයන් රැසකින් යුතු වූ සොඳුරු කලාකරුවාණනි..... ඔබ රැඟුම් දැනුඳු සියලු දන හද මැවී පෙනේ... ඔබ වදන් දැනුඳු සියලු දන සවනේ රාව නන්වයි... කලා ලොව විජයග්‍රහණය කළ සොඳුරු කලාකරුවාණනි..... පතමි ඔබට නිවන් සුව!..... එතෙක් ඔබ අප අතරම ඉපදේවා!..... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා