Posts

Showing posts from September 30, 2017

දෙඅතම අහිමිවයි දිවි මග සරන්නේ.... අඹුදරු රකින මෙහෙවර මේ කරන්නේ....

Image
දෙඅතම අහිමිවයි මෙලොවට උපන්නේ.... කළ පව් තමයි මේ ලෙස මේ ගෙවන්නේ.... සැමදා මෙලෙස වේ ඔහු දිවි ගෙවෙන්නේ.... එළවළු විකුණන්න මේ පිය මනින්නේ.... වවලා බිරිඳ සමඟින් එළවළු නිබඳ.... නෙළලා ගසින් ගස එහි එළවළු සබඳ.... දමලා ගෝනියට ඒවා ගැට ගසා කද.... ගෙන යයි මෙලෙස ඔහු එය පොළ වෙතට අද.... විකුණා එළවළුත් මේ ලෙස දිනේ අද.... ගෙදරට ඕනෑ දේවල් ටික කියපු අද.... දුවටයි පුතාටයි ඕනෑ පොතුත් අද.... ගෙන යයි මුදල් සමඟින් ඔහු සතුට අද.... පියවරු  කෙතෙක්  තව ඉන්නා මෙලෙස ලොවේ.... දෑතම අහිමි වත් තම අඹුදරු රකින ලොවේ.... තම කය වෙහෙසලා සේවය ඒ සදන සුවේ.... නැත සමහර පිය ඇති දෑතම නැත ඒ සේවේ.... දෙඅතම අහිමිවයි දිවි මග සරන්නේ.... අඹුදරු රකින මෙහෙවර මේ කරන්නේ.... ලොවටම වාසනා මේ වැනි පියවරුන්නේ.... මතු අත් භවේ දෙඅතම ලැබ සොඳින්නේ!....   කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා