Posts

Showing posts from July 6, 2016

මිලින කුසුම්.....

Image
විකසිත විණි තඹරු මලක් මෙන්... ඒ ළඳරු කුමරිය.... විකසිත වත්ම ඒ සියුම් මල් පෙති, තලා වනසන්නට තරම් සැහැසි වූවෝ කවුරුන්ද? මිනිස් භවයේ උපත ලද්දන්ම නොවේද? මාපිය හදේ දැවෙනා ලසෝ ගිනි..... කාට නම් නොපෙනේද? මිනිස් වෙසින් දිවි ගෙවන්නාවූ මෙවන් මිනිසුන්ගෙන්, රැකගත යුතුය ඒ තඹරු මල්..... නැතහොත් කෙසේ විකසිත වන්න ද, ඒ සියුම් මල් පෙති.......... පණ පොවමි පන්හිඳට.. ලියන්නට වදනක්.... නුඹ නමින් සොයුරියේ.... නැවත නූපදීවා මෙවන්.. නරුමයන් පිරි ලොවක.... ඉපදේවා මතුත්.. මිනිසුන්ම ඇති ලොවක.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා