Posts

Showing posts from August 13, 2016

පෙම්බරයාණනේ.......

සංසාර ගමනේ.... මේ සොඳුරු නවාතැනේ.... හමුවූ ඔබ....... පෙර අත් බැව්හි.... හමුවී ඇති සෙයකි....... සසර පුරුද්දට මෙනි.... මසිත ඔබ හා බැඳුනේ....... මා ආදරණීය කුමරුවනි.... සිහිනයේ කුමරා ඔබය....... මහද පවිත්‍ර ප්‍රේමයේ.... හිමිකරුවා ඔබය....... ඔබට බැඳි සෙනෙහසේ නාමයෙන්.... ඔබ වෙනුවෙන් ම දිවි ගෙවන්නට.... මහද දිවුරුම් දී හමාරය....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

විභාගය....

Image
කොවුලා වසන්ත සමයට අඬ ගසාවි.... වසන්ත සමයක උදාව පතුරවාවි දසතම.... මාගේ වසන්තය වෙත අඬ ගසාවි විභාගය.... ඒ සුමිහිරි වසන්තයේ උදාව පතුරවාවි ද නොදනිමි....... නමුත් හෙට පිය නඟන්නෙමි.... විභාග මධ්‍යස්ථානය වෙත; එළඹෙන දිනේ වසන්තය උදා කර ගන්නට....... තරඟකාරීත්වය හමුවේ ජය ගන්නට නම්, මා නිවැරදිව මුහුණ දිය යුතුය එයට.... එසේ නොවුනහොත්........ ඒ සුන්දර ජීවිතය; මිරිඟු සයුරක් නොවන්නෙහිද එදිනට?..... මා පිය අපේක්‍ෂා සුණු විසුණු වී යත් ම; හදවතේ පසුතැවිලි නිබඳවම වද දේවි මාහට....... දිවියේ සාර්ථකත්වය කෙසේ ලබන්නෙම් ද මම්? නොදනිමි තවම; නමුත් එක් දෙයක් පසක්ව ඇත....... මවිසින් විභාගය දිනිය යුතුව ඇත....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

සුුසුම ????

ජීවිතයක් ලද පමණින් එය ගෙවී ගියේද, එලෙසින්ම ඒ ජීවිතයට; නව ජීවයක් එක් කලේ; සුුසුම් වැල් පමණි..... ඇයි මේ?.... ඇයි මේ?.... සුුසුම් හෙලන්නේ.... ආ.... හදවතට යම් ගැටලුවක් අැති විණිද; විමසමි නැවත එය මසිතෙන් ම.... පිළිවදන් දෙන්නට තරම් හද අසරණය; මා හමුවේ....... ඒ අන් කිසිවක් නිසා නොව; සුසුම මා පරාජය කර ඇති බැවිනි....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා