Posts

Showing posts from June 12, 2018

කිවිඳියක නොවීමි.......

Image
සිත් මල් අහසේ විසිරෙන.... රන්වන් තරුමල් බැබළෙන.... එක්කොට තනනා රස දෙන.... කවි මල් සතුටින් පිබිදෙන.... සිත් මල් අරඹේ රජ වුන.... සිතිවිලි මැනවින් හැසිරුන.... රසතැන් මවමින් ලියවුන.... කවියක් එලෙසින් මතුවුන.... සන්සුන් විලසින් බැසයන.... ගංගා දියරැළි සමවන.... සිත් මල් මැනවින් සතපන.... කවි පද සිසිලස අතුරන.... හඬගා දියරැළි නංවන.... සාගර ජලකඳ පරදන.... සැම සිත් පුබුදා අමතන.... කවි රළ වෙරළත හමුවන... නොදනිමි කෙලෙසින් නිමවමි.... රස කවි එලෙසින් මවමිනි... උගනිමි තවමත් උගනිමි.... අයදිමි සමාව අයදිමි.... මතුකර සැබෑව රන්ඳා.... කවිපද නිබඳව බන්ඳා.... හදවත මෙත් සුව කැන්ඳා.... බැන්ඳා කවිපද බැන්ඳා.... කවි තරු අහසේ පායන.... පෙනෙන නොපෙනෙනා විලසින.... යන්තම් යන්තම් පායන.... තරුවකි සැලෙමින් දිඳුලන.... ගෙන දුන් ඔවදන් ගුරුහරුකම්.... සිහිකර බැතිමල් පුද දෙම් මම්... මතු දින පුබුදන සුවඳ කුසුම්.... කවි සමඟින් එමි සෙනෙහෙන් මම්.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා