Posts

Showing posts from August 5, 2017

වඳිමු මුනි සිරි පා බැතිනි.........

Image
සිරි පා වඳිනා සිහිනය තිබුණා... සඳ සේ මසිතේ මෝඳු වෙමින්... දැනුණා දැනුණා සීතල කරුණා... රැස් කළ මේ පින් සතුටු සිතින්... සුන්දර බුදු රුව දුටුවා සේමයි... නැත නැත සතුටක් වෙන මෙතරම්... වැන්දා සමිඳුනි අද මං වැන්දා... සිරස තබා සිත් පුරා තුටින්... දෝවන්නම් මුනි පාද කමල් මම් ... නීල තඹරු මල් පුදා බැතින්... වීතරාගි මුනි පාද වඳින්නම්... පා කමළානෙනි පුදා කුසුම්... රන් සිළු වේවා සිරිපා අභියස... දිළි දිළි සැළෙනා සෑම පහන්... අම රස දේවා ඉදෙනා දන් පැන්... මිහිරි ගිලන්පස නිවා ගිමන්... සියළු දනන් ලොව සුවපත් කරමින්... වෙහෙසුණු සම්බුදු පාද පියුම්... පූජා වේවා සිරි පා අභියස... මගෙ ජීවිතයම හිමිට උතුම්... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා