Posts

Showing posts from January 18, 2018

සුරතල් පුතු හිනැහෙනවා.... මොනවද මට කොඳුරනවා....

Image
සුුරතල් පුතු හිනැහෙනවා.... මොන මොනවද විමසනවා.... සිඟිති සිරස සොලව සොලව.... මොනවද මට කොඳුරනවා.... දෑසම දල්වා ගෙන දැන්.... මොනවද පුතු විමසන්නේ.... අම්ම එක්ක සණ්ඩු වෙන්න.... වාගේ පුතු සැරසෙන්නේ.... අම්ම කිව්ව දේ දැනිලා.... දෝ පුතුනේ හිනැහෙන්නේ.... එහෙට මෙහට කැරකි කැරකි.... දෑත් දෙපා සොළවන්නේ.... සුරතල් මුව සොළව සොළව.... තව මොනවද විමසන්නේ.... අම්ම එක්ක ඇවිදින්නට.... දෝ පුතු මේ දඟලන්නේ.... හිටි හැටියෙම සිනා සලා.... සිඟිති දෙපා සොළවාලා.... දෑත් දෙපා වීදාලා.... තාත්තාව දැකලා.... සුරතල් පුතු හිනැහෙනවා.... සිඟිති සිනා රැව් දෙනවා.... සිඟිති සිරස සොලව සොලව.... මොනවද දැන් කොඳුරනවා.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා