හොඳම වෙදතුමිය ඇය ඒ වසරේ ම.......
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjUN6swrMxFOeu07Bf0XA4iejjC-pkHgzgt63YM4gg6VZ4VpgXg7IYC2JaUO_c_iz2jvyIUDn6qeJJb7ZO4M0EEqmBV8_UDHXi3pAIsUk1Lq1Cfm9m-Tl6ZIgtk9KHwS_x0sc0RHN-h4oM/s640/20953740_1745846515456236_254613316807663907_n.jpg)
ඉන්නව ඇඳන් ළඟ මව්වරු දෙන්නෙක් ම.... දරුවා බිහි කරන දින නියමයි අද හෙට ම.... මේ මව ගෘහණියකි නිරතුරු නිවසේ ම.... අර මව වෙද තුමිය මේ ඉස්පිරිතාලේ ම.... එකවර කෙඳිරියක් ඇඳ ළඟකින් ආවේ.... මුල් මව සිටි ඇඳෙන් ඒ කෙඳිරිය ආවේ.... ළඟ ම සිටි හෙදිය බිය වී කඩිමුඩියේ.... බැලුවා ළං වෙලා මොකදැයි හිටිහැටියේ.... විමසා ඇගෙන් මන්දැයි ඒ හඬ ඇසුනේ.... තිරණෙ කළා මන්දැයි ඒ හැඳිනමිනේ.... කළබල වෙලා ගෙන ඇමතුම ඉක්මණිනේ.... සැළ කර සිටිය වෙද හට සිටි නිසි අසුනේ.... වෙද තුම එමින් සිටියා මග ටිකක් දුර.... ළඟ සිටි අනිත් මව බැලුවා මොකද අර.... ඒවන විටත් ඇය සිටියේ මහත් බර.... වේදනාවක ගියා එය අද ගොඩක් දුර.... හැඳින විගස වෙද මව තම කුස ඔසවා.... නැඟිටින ගමන් ළඟ සිටි හෙදියව කැඳවා.... සුදානම් කළා ඊළඟ දේ මොනවා.... දැනි දැනි තම කුස තිබූ වේඳනාවත් සඟවා.... විගසින් ගියා ඇය ප්‍රසූතගාරය ට.... කැඳවා හනික උපදෙස් දී හෙදියන් ට.... පටන් ගත්තා සේවය ඇගෙ කැප වෙන් ට.... දරුවා බිහි කළා මව පින්සිදු වෙන් ට.... වෙදදුරුවරිය දැක සුරතල් බිළිඳු වත.... වැතීරී සිටිය එතනින් විත්, ඇගෙ යහන මත.... දඟලන්න ට වුණා ඇය හෙමිහිට යහන මත..