Posts

Showing posts from September 18, 2017

ඉකිබිඳින සිත.......

Image
ගොළු වූ මසිත ඉකිබිඳින හඬ ඇසී බැලීමි. යළි ඔබේ සෙවණැලි; මහද පෙනී නොපෙනී යයි.... ඔබේ සිනහවන්, කථාවන්; යළි මසිත ට එබිකම් කරන්නට හදයි.... දොරඟුළු දැමූ මහද සිතිවිලි; යළි කාටත් හොරෙන් මහද අද්දරට වී; ඉකිබිඳින්නට වෙර දරයි.... කුමක් කරන්නද කියා සිතාගත නොහැක මට.... ආදරයේ නාමයෙන්.. ගොළු වූ මසිත.... වැළපෙන්නට නොදී; රැක ගන්නට සිතේ.... නමුදු ගලනා ආදර ගඟුලේ.... සිතිවිලි හමුවේ; මහද අසරණය.... ඔබට බැඳි සෙනෙහසේ නාමයෙන්.... කඳුළක් මෝඳු වන්නට දඟලයි.... ඔබ ළඟින් හිඳ ඔබට, තුරුළු වන්නට සිතේ.... ඔබව යළි දකින්නට; මහද බලා සිටිනා සැටි.... ඔබට දැනේ නම් යයි; සිත හඬා වැටේ.... යළි පෙර මෙන් එක්වන්නට ඇත්නම්.... මහද ඔබ යළි එනතුරා බලා හිඳී.... ඔබ ළඟින් හිඳ සැනසෙන්නට, ඔබ මගේ ම වන්නට සිත පෙරුම් පුරයි.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා