කෙටි කථාව.....
මගෙ පුතු හපනා.... ---------------------- "අම්මේ.... මං විභාගෙ පාස්...." යැයි සතුටින් පුතා කෑගසාගෙන ම ගෙට ගොඩ විය." "ඇත්තද පුතා?.... මගෙ පුතාට කවදාවත් වරදින්නෙ නෑ.... තාත්තත් හිටියා නම් කොච්චර සතුටු වෙයි ද?" යැයි පිළිවදන් දුන් මසිත හඬා වැටෙන්නට සැරසුණ ද, මා එය වළක්වා ගත්තේ ඉතා අසීරුවෙනි. සතුටින් හිඳින පුතුගේ මුව කමල වේදනාවෙන් පුරවාලන්නට මට නුපුළුවන. පුතා ඉපදෙන්නට සිටි දිනවලදී ම පුතුගේ තාත්තා මෙලොව හැරදමා ගියේ සැවොම හඬවමිනි. ඔහු හා මා විවාහ වීමෙන් පසු ජීවත් වූයේ ඔහුගේ මහ ගෙදරය. නමුත් ඔහුගේ මරණයත් සමඟින් පුතු හා මා මෙලොව තනි විය. ඒවන විට, මගේ දෙමාපියන් ද මෙලොව හැර ගොස් ය. මා හට උදව්වට සිටියේ පොඩි නැන්දා පමණී. ඇය මට කුඩා කල සිට ම මවක් මෙන් මා රැක බලා ගත්තාය. ඇය අවිවාහකව සිටි නිසා, මා කුඩා කල ඇය මා සුරතල් කරමින් අප නිවසේ වාසය කළාය. සරත් රැකියාව කළ ස්ථානයේ නොකළ වරදකට ඔහුට විඳින්නට සිඳු විණි. සරත් එම ස්ථානයේ ගිණුම්කරුවකු ලෙස සේවය කළ අතර, ඔහු ඉතා අවංකව තම යුතුකම් මැනවින් ඉටු කළේය. කල් යත් ම, ඔහු පිළිබඳ ප්රසාදයක් සමාගමේ සෑම දෙනා තුළම ඇති කිරීමට