මාතෘ වන්දනා....


මිහිමඬලේ උපන්.. මව්වරු නමින්.... පුදමි බැතින්.. මේ කවි කුසුම්.... වේ ඔබ තුටින්.. ලැබු දූ පුතුන්.... වඳිනෙමි බැතින්.. පුදලා පියුම්.... සිහිකර බැතින්.. මායා මවුන්.... පුදදෙමු කුසුම්.. අප සැම බැතින්.... ගෝතමි දේවි.. වැනි මව්වරුන්.... රැකගත් තමන්.. වැදු පුතු ලෙසින්.... බිම්බා දේවි.. රාහුල මවුන්.... සිහිකර තොසින්.. වඳිනෙමු බැතින්.... බෝ දුක් දැරූ.. සීවලි මවුන්.... සුප්පවාසා දේවි.. සත්වසරක් බැතින්.... මේ සංසාරයේ.. මගෙ මව්වරුන්.... සිහිකර බැතින්.. පුදමි බැතින්.... මේ විශ්වයේ ..සැම මව්වරුන්.... සිහිකර බැතින්.. පුදමි බැතින්.... සුරතල් පුතුන්.. සුරතල් දූන්.... ලැබිලා මවුන්.. වේ හැම තුටින්.... අහසින් ඇවිත්.. සඳමඬලින් ඇවිත්.... රැකගන් මවුන්.. පුදදෙන් මවුන්.... සතර වරම් දෙවි.. පිහිටත් ලබා.... සිරිමා බෝ.. පිහිටත් ලබා.... රන්මැලි සෑ.. පිහිටත් ලබා.... දිගුකල් රැකේවා.. ඔබ සැම සොඳින්.... තනි නොකරමින් දරුවනි.. ආදර මෑණී.... සිහිකර මව් ගුණය සැමදා.. ඔබෙ මෑණී.... නිති ඉවසමින්.. ඇය ඔබ රැකගත් ලෙසිනී.... රැකගන් සොඳින්.. දරුවනි ආදර මෑණී.... උතුම් මව්වරුන් වෙනුවෙන් මෙම කවි උපහාරයක් ම වේවා!



කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා

Comments