සිතිවිලි අතරේ....
නිබඳ කිමිදෙමි ; සිතිවිලි සයුරේ .... සැඩ රැල්ලට හසුව වැනසෙන මගේ අහිංසක සිතිවිලි සිහින් පෙණ පිඩුවක් වැන්න . ගතට යා නොහැකි දුර සිතින් මා රැගෙන යයි . සිතිවිල්ලක විරාමය ..... සයුරේ මා තනි කරලයි . යළි කෙසේ කිමිදෙම්ද ? මා ; සැලෙන රළ පෙළ හමුවේ ..... වෙර ගතිමි රැක ගන්නට පණ නල ; සිතිවිලි සයුරෙන් මිඳී .... සිතිවිල්ලක දෝංකාරය යළි හදට ලං වෙයි .... සුපුරුදු හදේ නැමියාව ඒ කරා පියනගයි .......... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා