සිතිවිලි අතරේ....
නිබඳ
කිමිදෙමි;
සිතිවිලි
සයුරේ....
සැඩ
රැල්ලට හසුව
වැනසෙන
මගේ අහිංසක සිතිවිලි
සිහින්
පෙණ පිඩුවක් වැන්න.
ගතට
යා නොහැකි දුර
සිතින්
මා රැගෙන යයි.
සිතිවිල්ලක
විරාමය.....
සයුරේ
මා තනි කරලයි.
යළි
කෙසේ කිමිදෙම්ද? මා;
සැලෙන
රළ පෙළ හමුවේ.....
වෙර
ගතිමි රැක ගන්නට පණ නල;
සිතිවිලි
සයුරෙන් මිඳී....
සිතිවිල්ලක
දෝංකාරය යළි හදට ලං වෙයි....
සුපුරුදු
හදේ නැමියාව ඒ කරා පියනගයි..........
කාව්‍ය සංකල්පනාව
- ප්‍රියංජලී මංගලිකා
Comments
Post a Comment