නැඟණියනි........



සුපිපෙනා පියුමකි නුඹ
සැමගෙ සිත් සනසනා....
දැයේ ජීවය නුඹයි
සැමගෙ දුක් දුරලනා....

පාසල් ගොසින් නුඹ
ඉගෙන ගෙන මතු දිනෙක
මව්පියන්ගේ පැතුම්
ඉටු කරන්නට නැඟණියේ වාසනා....

ලොවෙන් ලැබුණුු දේ නැවත
පෙරළා දිය යුතුය නුඹ....
සිනාමුසු මුවකමල
රැකගන්න සැමදාම....

හිරි ඔතප් බිඳ නොගෙන
දැයේ මිණි කිරුල වී
සැමගෙ සිත් සනසන්න
නැඟණියේ වාසනා.....






කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා 

Comments

Post a Comment