ඇයි අම්මෙ නොසිතන්නෙ මිනිසුන්.. මවකගේ සෙනෙහස දයා.. රකිත්වා අප සැමත් මිනිසුන්.. වෙන් නොකර පාමින් දයා..
දැනේ අම්මේ මහ දුකක් මට.. ළං වෙලා ඔබ හා හිඳින්නට.. ළං වෙලා ඔබ බස් අසන්නට.. දිනේ කවදාද එන්නේ.. එක් වෙලා පෙර මෙන් හිඳින්නට.. එක් වෙලා පෙර මෙන් දුවන්නට.. දන්නවද අම්මේ, මං හැඬූ හැටි.. ඔබ මගෙන් වෙන් කළ එදා.. අදත් හඬනව හදවතින් මම.. අම්මා නිතරම සිහිවෙලා.. හඬන්නට නෑ කඳුළු තව මගෙ.. දෙනෙත් අද මගෙ වියළිලා.. අම්මා යනතුරු ඔබ දෙපා ළඟ.. අනේ ඉන්නම් ගුළි වෙලා.. දුරස් වෙන්නට එපා අයෙත්.. අනේ අම්මේ මට දුකයි.. කෙසේ ඉන්නද ඔබ නැතිව මම.. අනේ අම්මේ මට දුකයි.. තුරුල් වීලා ඉන්න පෙරසේ.. අම්මේ ඔබ හා හරි හිතයි.. යන්න දෙන්නෙම නෑ ඔබට මම.. අනේ පෙර ලෙස මට දුකයි.. අනේ! දෙවියනි, ඇයිද මිනිසුුුන්.. නොසිතන්නෙ මේ ගැන තවත්.. සෙනේ ඉතිරෙන මවෙන් තිරිසන්.. උපදින්නෙ මා වැනි පුතුත්.. ළමා කාලෙදි තනි වුනෝතින්.. උහුලන්නෙ ඒ දුක මහත්.. අනේ! මිනිසුනි, වෙන් කරන්නට එපා.. තිරිසන් වුනත් අම්මා සහ මමත්.. ඇයි අම්මෙ නොසිතන්නෙ මිනිසුන්.. මවකගේ සෙනෙහස දයා.. නැතිවදෝ ඒ සිත් පුරා පැතිරෙන.. මෙත් කුළුණු ගුණ පා දයා.. මිනිස් මවකට දාව ඉපදුනු.. බිළින්දෙකු සේ සැම දයා.. රකිත්වා අප සැමත් මිනිසුන්