සා. පෙළ ලියූ මගෙ නංගියේ මගෙ මල්ලියේ.......


මල් කැකුළු වන් මගෙ සුරතල් නඟේ....
මල් කැකුළු වන් මගෙ සුරතල් මලේ....
හිනැහී සදා අප සනසන් නඟේ....
හිනැහී සදා අප සනසන් මලේ...

දින දින ගෙවී....
මගෙ නංගියේ....
දින දින ගෙවී....
මගෙ මල්ලියේ....
ප්‍රතිඵල ඇවිත් විභාගයේ....

ප්‍රතිඵල බැලූ මගෙ නංගියේ....
ප්‍රතිඵල බැලූ මගෙ මල්ලියේ....
සතුටින් ද ඔබ දැන් අද දිනේ....
මව් පිය පැතුම් ඉටු කළ සොඳින්....
මගෙ නංගියේ තුටු වී සොඳින්....
මගෙ මල්ලියේ තුටු වී සොඳින්....
ගෙන යන්න ඉගෙනීම සැමදා සොඳින්....

ප්‍රතිඵල බැලූ මගෙ නංගියේ....
ප්‍රතිඵල බැලූ මගෙ මල්ලියේ....
දුක් වූවදෝ ඔබ දැන් ඉතින්....
ප්‍රතිඵල මදී සිතලා සොවින්....
ඉටුු කළෙ නැතැයි මව් පිය පැතුම්....

විභාගයෙන් ඔබ අසමත් වුවත්....
දිරි ගෙන සිතින්....
හැකි වෙර යොදා....
ඉගෙනීම නිබඳා....
කළදා නඟේ....
ඉගෙනීම නිබඳා....
කළදා  මලේ....
මතු දා වාසනා වේ මගෙ රන් නඟේ....
මතු දා වාසනා වේ මගෙ රන් මලේ....

මා පිය පැතුම් හැම ඉටු කොට සොඳින්....
රට බබළවා, ලොව බබළවා....
ඔබේ නම රන්දා සිරි ලක් බිමේ....
ඔබේ නම රන්දා මේ මුළු ලොවේ....
පා නගන්නට ලොවට මගෙ රන් නඟේ....
පා නගන්නට ලොවට මගෙ රන් මලේ....
දිරි ලැබේවා ඔබට සැමදා නඟේ....
දිරි ලැබේවා ඔබට සැමදා මලේ....

සැම මව්පියනි, සැම ගුරුතුමනි....
රැක ගන්න දරුවන්....
මල් මෙන් සිතා....
නොරිදා ඒ සැම සිත් සදා....
විභාගේ දිනුවේ;
නැත යයි කියා....

ලොවේ ජය ගත් සැවොම නැත ලොවේ උගතුන් ම....
දිවියේ ජය ගන්නට බොහෝ මං ඇතේ ඔබ තුළම....
මාපියන්ගේ සුසුුම් සිතට ගෙන සැමදාම....
මල්ලියේ නංගියේ දිරි ගන්න ජය ගන්න....




කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments