අම්මා....
පායා සුපුන් සඳ විලසින් අප නිවසේ.... ආලෝකය දෙමින් නිබඳව හැකි විලසේ.... සැමදා දෙමින් ආදර සිසිලස සතොසේ.... දුක් සැම ඉසිලුවා නිබඳව හද රහසේ.... දස මස කුස දරා අපමණ දුක් වින්දා.... දින දින ගෙවී අප ලොකු වන හින්දා.... සිහිනෙන් පවා සිතමින් දකිමින් රන්ඳා.... අප ලොකු කරන්නට නව මාළිඟ බැන්දා.... සෙනෙහස් ගඟුලෙ අප පා කර හැමදාමත්.... ජීවය දුන්නා නැඟිටින්නට හැමදාමත්.... වැටුණත් නැඟිටින්න දිරිගෙන හැමදාමත්.... අප සමඟින් සිටියා නෑ අහිතක් හැමදාමත්.... ඔවදන් දිදී රැක ගත්තේ දෙනෙත් මෙනී.... නිසිමග යවන්නට හැකි හැම විලාසෙනී.... දිරි දී සවිය දී නිබඳව දයාවෙනී.... අම්මා තමයි මගෙ ලොව සැමදා රැජිණී.... ඔබ විඳි දුක් කඳුළු සිහිකර සිත දුකිනී.... ඔබ දුන් අවවාද සැම මට ඔවාමිණී.... විඳගෙන මගේ ජීවය මා නිති පලිනී.... පුදදෙමි අම්මේ මේ ජීවය සිත තොසිනී.... කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා