වඳිමු බැතියෙන්....උතුම් පින්බිම කැළණියේ....


රම්‍ය නගරය කැළණියයි..
එදා සැළලිහිණියේ....
බුදුන් සිරිපා තැබූ ඒ..
කැළණි ගංගා කොමළියේ....
සිවුරු දාගැබ අදත් පුදුමයි..
ඒ එගොඩ කැළණියේ....
දකිමු සතොසින්..
වඳිමු බැතියෙන්..
උතුම් පින්බිම කැළණියේ....

උතුම් බුදු හිමි වැඩි එදා....
උතුම් බුදු බණ දෙසු එදා....
උතුම් බුදු බල පැතිරුණා....
උතුම් පින්බිම සැනසුණා....

සිහි කරමු අප බැති සිතින්..
මණිඅක්ඛිත නා රජුන්....
අැරයුම් ලබා වැඩි ඒ එදා ..
අප මහා බුදු රජාණන්....
සිහි කරමු අප මහත් බැතියෙන්..
ඒ උතුම් රජ සිටුවරුන්....
අදත් වඳිනට සෑ වෙහෙර මළු..
සෑදවූ සැම බැති සිතින්....

සිත්තරාණන් සෝලියස් මෙන්ඩිස්..
ඇඳි එදා ඒ සිතුවමින්....
මනබඳී අද දකින සැමගේ..
පුබුදුවා නෙත් සිත් පහන්....
ධාතු මන්දිර, වෙහෙර සෑ මළු..
ඒ උතුම් බෝ රජාණන්....
පින්බරයි ඒ දකින සැම සිත්..
පුබුදුවා බැතිබර හැඟුම්....

කැළණි පුරේ අහස පුරා....
කැළණි සෑය රැස් විහිදා....
දැයේ අඳුර දුරු කරලා....
ආසිරි මල් සෙමෙර සලා....

සුදෝ සුුදට බබළන්නා....
සුවඳ මලින් පුද දෙන්නා....
මුඳුනත් දී නමඳින්නා....
කැළණි සෑය බැති සිතිනා....

පින්වත් ලක් මෑණියගේ....
හෙළ අසිරිය විහිදාලා....
මිණි පළඟත් වැඩ හිඳිනා....
කල්‍යාණී සෑ දිලෙනා....

උතුම් කැළණි සෑ මුඳුනින්..
සුදෝ සුුුදු වළා පාවී....
සැම දන මන නෙත් පිනවා..
බැතියෙන් සෑ මුනිඳු වඳී....

වඳිමු කල්‍යාණී සෑ රජුන්....
පුදා පින්බර සිත් මලින්....
මුඳුනත් දී බැති පෙමින්....
දල්වලා අප සිත් පහන්....

විහාර මහ දෙව් අදත් සිහි කරනා.. ඇය උපන් පින්බිම කැළණියේ....
උතුම් බණ පද අදත් ඇසෙනා.. ඒ උතුම් පුදබිම කැළණියේ....
කැළණි සෑයෙන්, බෝධියෙන්..  බුදු සිසිල දැනෙනා කැළණියේ....
උපන් දා සිට කරපු පව් නැත.. වරක් වැන්දොත් කැළණියේ....






එගොඩ කැළණිය / සිවුරු දාගැබ

කාව්‍ය සංකල්පනාව
ප්‍රියංජලී මංගලිකා

Comments