විකසිත වී ලොව දිනන්න.. හෙට දිනයට ආයු දෙන්න..

ඒ සියුමැලි මල් පිපෙන්න.. හිරු දෙවින්දේ හුස්ම දෙන්න.. විකසිත වී ලොව දිනන්න.. හෙට දිනයට ආයු දෙන්න.... සුවඳ දසත ගලා යන්න.. ආසිරි මල් පුබුදුවන්න.. පිපෙමු දුවේ පුතේ නුඹත්.. නව සිහිනෙන් ඵල දරන්න.... ලොව වෙත මෙත පතුරවන්න.. පිළිකා මාරයා නසන්න.. එක් වෙමු අපි සියළු දෙනා.. නව එන්නත ඵල දරන්න.... ලොවටම දීඝායු පතා.. සැදු නව එන්නත යොදලා.. ලොව වෙත එය බෙදා දෙන්න.. රෝගී වූ සිත් නිවෙන්න.... රන්මැලි සෑ අනුහසිනේ.. ජය සිරිමා බෝ බෙලෙනේ.. පිළිකාවේ අඳුර නසා.. අළුත් ඉරක් පායා එන්න.... ලක් මෑණිට සිනහ වෙන්න.. රෝ බිය නැති හෙටක් එන්න.. පුංචි සිනහ මල් පිපෙන්න.. දූ පුතුනේ ආයුබොවන්....! ලොව පුරා සිටින සියලු පිළිකා රෝගින් සුවපත් වේවා! 🙏 කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා