Posts

Showing posts from June 13, 2025

දෙවියනේ! නොදුටුවෙද ඒ.. වෙන්න යන විපතක් සැණින්....

Image
 ලියන්නට එක් කවක් ඇත අද.. තවත් දිනයක නිමාවේ.... සිහි කරමු සැම මෙත් සිතින් අද.. දවා අළු වු ගුවන් යානයේ.... තණ අග රැඳි පිණි බිඳක් පමණී.. දිවිය අපගේ මුලාවේ.... සිහිය වඩවා නැණස යොදවා.. ගෙවිය යුතුවේ සිනාවේ.... දෙවියනේ! නොදුටුවෙද ඒ.. වෙන්න යන විපතක් සැණින්.... ලොවක් කම්පා වෙනවා අද ඒ.. සිදුවු විපතක සැටි බලා.... මහ මෙරක් තරමටම පොදි බැඳ.. දිවියෙ ඔවුනගෙ සියළු පැතුමන්.... ගෙවන්නට ඇති සැම දෙනා ඒ.. යමින් ගුවණින් අද දිනේ.... සිහි කරමු අපි ඔවුන් සැමදෙන.. දවා අළු වු ගුවන් යානයේ!.... ලැබේවා අම නිවන සැමටම.. නුදුරු දිනකදි සසර කතරේ!.... මෙවන් විපතක් නොවන්නට මතු.. සිතිය යුතුවේ දයාවේ!.... ලොවට සැනසුම සදන මිනිසුනි.. රකිමු පණ නල ජීවයේ!.... *************** ජීවිතය අනියතය - මරණය නියතය............... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා