Posts

Showing posts from January, 2021

අපේ පුතා හොඳ ළමයෙක් දන්නවාද හාමිනේ..

Image
 මයිනා පැටියා පස්සෙන් මං දුවලා දුවලා දුවලා ගියා.. දන්නෙම නෑ වැව් කණ්ඩිය, ඔන්න මෙන්න කකුල ගියා.. කිසිම දෙයක් දැනුණේ නෑ මට මොනාද උනේ කියා.. එහා ගමේ මාමලා ටික මා බේරලා යන්න ගියා.. වැවේ වතුර නැති නිසාලු, බේරුණෙ මම පින නිසාලු.. මාමා කෙනෙක් කියනවා මට ඇහුණා අද වුනේ යාලු.. දවස් 2ක් විතර මඩේ එරිලා මම කලන්තේලු.. කවුද කෙනෙක් කියනවා මට ඇහුණේ ඒ බය නිසාලු.. අම්මා තාත්තා දෙන්නම මාව සොයන් වැලපුනාද.. මාත් හරිම බ‍යෙන් හිටියෙ තනි වීලා උනේ මොකද.. මා වැටුණා පමණි මතක වැව් කණ්ඩියෙ ලිස්සා තද.. සිහිය නැතිව දවස් 2ක් සිටියලු මම මහ වැව මැද.. අම්මා තාත්තා දාලා යන්නේ නෑ මා කොහෙවත්.. ආයේ මයිනා පැටියා එක්ක සෙල්ලම් නෑ කවදාවත්.. එදා දීපු දුක් ගින්දර දෙන්නේ නෑ කවදාවත්.. අම්මා තාත්තා දෙන්නට දුන්නේ දැන් හාදුවකුත්.. අපේ පුතා හොඳ ළමයෙක් දන්නවාද හාමිනේ.. හරි හුරතල් ඇත් පැටියෙක් ඉන්නවාලු හොඳින්නේ.. එදා ගියත් වැරදීලා ආදරෙ‍යිලු ඉතින්නේ.. අම්මා තාත්තා දෙන්නත් ආදරෙ‍යිලු ඉතින්නේ.. කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා