Posts

Showing posts from 2022

සිනා සෙන්නට වෙර දරන ලක් මෑණියේ....

 ඈ අපේ ලක් අම්මාය.. දිනේ 2022 ජූලි 9 වන දාය.. සැනහෙන්නට ඇත අද ඇය පියා සමඟින්.. දොඩන්නට ඇත වදන් සතුටින්.. ඇය වැදූ උතුම් දූ පුතුන් ගැන.... සුසුම් ලන්නට ඇත ඇය අද.. තම දිවි පරදුවට තබා, ලේ කඳුළු හෙලූ දූ පුතුන් ගැන.... මෙතුවක් කලක් හුස්ම ගනිත්දැයි නොදත් ඇය අද හුස්ම ගන්නීය.. නරුම දේශපාලන පාලකයින්ගේ අපලයෙන්.. අද ඇය මිදෙන්නීය....   රන් අකුරින් ඉතිහාසයේ ලියවෙන අද දිනයේ... ඇයට ආදරය කරන උතුම් දූ පුතුන්.. එකට එක්ව, යදම් වැල් මෙන්, ඇයව රකිද්දී.. ඇගේ නෙතින් සතුටු කඳුලැල්.. ගලා එන්නට ඇත.... ලක් මෑණියන්ට ණය නැත; ඒ දූ පුතුන් අද.. සියළු දුක් සිත දරා, මිහිකත සේ උසුලමින්.. ගෙවූ ඒ අමිහිරි දවස් ගැන නොසිතා.. සිනා සෙන්නට වෙර දරමු අපි ඉතින්.. මගේ ලක් මෑණියේ.... ඔබ වෙනුවෙන් උපන්.. පහන් සිතිවිලි සමුදාය.. පොදි බැඳගෙන පණ පොවමි.. ඒ නිසංසල සිතිවිලි වලට.. ඔබ වෙනුවෙන් උපහාර පුදන්නට.. මගේ ලක් මෑණියේ.... කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා