නැඟිටින්නකෝ අම්මේ....
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhy5_dvXCBoOr1FyKNBHYuSXjjbP6GWXblfx0MlPwmE6yY0KXmkhQ7jtmReYpCiGUr2mPuBuh_Psdygd4ZbqvVytlKpxNuOuvZE0kF9HmafF8mq4kFunrDEicN25Il35yA6emAQ9H8EwQw/s400/23795434_10156815784409128_1375601188948760775_n.jpg)
මනරම් දසුනකි.. දෑස් අසල මැවෙනා.... සුරතල් පැටවෙකි.. නිසි සේ දඟ කරනා.... පෙම්බර අම්මෙකි.. කිරි දී සුව දෙවනා.... යන්නේ ගමනකි.. තුටු වී අලි ගමනා.... කෑම සොයන්නයි.. මේ යන්නේ.... අම්මයි පැටියයි.. කුසගින්නේ.... සෙව්වයි සෙව්වයි.. නෑනේ ලැබුණේ.... වනයෙන් පිටවෙයි.. දැන් ගම්මානේ.... මහ විපතකි මේ දැන් සිදු වන්නේ.... ඇසුණේ බිහිසුණු හඬකි අනේ!.... පැටවා නොදනී කිසිවක් වූදේ.... අලි මව් කකුලට වෙඩි වැදුණේ.... අම්මේ! ඇයි මේ බිම ඇද වැටුණේ? නැඟිටින් අම්මේ! නැඟිටින් අම්මේ! පැටවා වෙර දෙයි ගොඩගන්නට මව්.... දෙවියනි! ඔබටත් නොපෙනෙන්නේ.... අම්මා මිය ගිය බවවත් නොදනී.... දැරුවා හැකි වෙර හැම ඒ පැටවා.... පුදුමෙකි මිතුරනි, ඒ දින සතරකි.... හැර ගියෙ නෑ පුතු ඇගෙ අම්මා.... මිනිසුනි, සිතන්න ඔබටත් වූවොත්.... විඳින්න ඒ වැනි මහා විපත්.... මිනිසුන් වාගෙම මේ ලොව සතුනුත්.... ජීවත් වන්නට උරුම බවත්.... කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා