ඇයි අම්මේ මේ හැටි ලොබා.. මිනිසුනේ ගජමුතු ලබා.. වනසන්නෙ අප දිවි නසා.....
අම්මේ ඔබ දැන් ගොතා
කියනා ඒ රස බර කතා
අසලා හරිම තුටු වෙතා
සිතට ගමි මේ පොඩි පුතා
එදා මා කැළේ තනි වෙලා
සිටින විට සිත දුක් වෙලා
අඬපු හැටි මට සිහි වෙලා
කඳුළු එනවා මා නෙත් සලා
අත්තම්මලා අපේ සීයලා
නැන්දලා අපේ මාමලා
සිටියලු නොවී බය වෙලා
ඒ කාලේ සිටි රජ වෙලා
ඇයි අම්මේ මේ හැටි ලොබා
දිලෙන ඒ දළ දෙක ලබා
මිනිසුනේ ගජමුතු ලබා
වනසන්නෙ අප දිවි නසා
කාව්‍ය සංකල්පනාව
- ප්‍රියංජලී මංගලිකා
සංවේදී නිර්මාණයක් අක්කා.ජය
ReplyDeleteThank u very much nangi..
Delete