වඳිමු රන්වැලි සෑ බැතිනි....


අනුරපුරේ අහස පුරා
රන්වැලි සෑ රැස් විහිදා
දැයේ අඳුර දුරු කරලා
ආසිරි මල් සෙමෙර සලා
සුදෝ සුුදට බබළන්නා....
සුවඳ මලින් පුද දෙන්නා....
මුඳුනත් දී නමඳින්නා....
රන්වැලි සෑ බැති සිතිනා....
පින්වත් ලක් මෑණියගේ....
හෙළ අසිරිය විහිදාලා....
බුද්ධ ධාතු වැඩ හිඳිනා....
ස්වර්ණමාලි සෑ දිලෙනා....
ස්වර්ණමාලි සෑ වඳිනට....
අහසින් දෙවිවරු වැඩලා....
සුවඳ මලින් අසිරි සලා....
ගැමුණු රජිඳු මවිත කළා....
ස්වර්ණමාලි සෑ මුඳුනින්....
සුදෝ සුුුදු වළා පාවී....
සැම දන මන නෙත් පිනවා....
බැතියෙන් සෑ මුනිඳු වඳී....
වඳිමු රන්වැලි සෑ රජුන්....
පුදා සුවඳැති නේක පියුමන්....
මුඳුනත් දී බැති පෙමින්....
දල්වලා අප සිත් පහන්....





කාව්‍ය සංකල්පනාව
ප්‍රියංජලී මංගලිකා

Comments