පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!


මාගේ වෙබ් අඩවියේ පළවූ නිර්මාණයන් අතරින් වැඩිම පිරිසක් මෙම නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි.

1. සැබෑ ආදරය....... - 483
2. මගෙ ඇත් රජුනේ....... - 403
3.Desert Flower...... කාන්තාරයේ කුසුම...... - 375
4. හොඳම වෙදතුමිය ඇය ඒ වසරේ ම....... - 374
5. පුදුමයි දුටුවොතින් ඔබ ඒ බිළිඳු අද.... කුඩා හිමි නමයි ඒ පන්සලේ අද.... - 370
6. ඔෂීන්.... -  361
7. වැස්ස වළාහක දෙවියනි, දිවැස් හෙළනු මැන...  - 349

සැබෑ ආදරය.......


දෑත් දෙපා අහිමි වුනත්....
හදවත පෙම් බැන්ද සෙනෙහෙ....
නෑ අඩුවක් නම් වීලා....
එදා වගේමයි තාමත්....
ඔබ මා ඇත එක් වීලා....

ඔබගේ සිත් මල් සුවඳින්....
මහද පියුම් විකසිත වී....
ආදරයෙන් තව ළං වෙයි....
ඔබ තුරුලෙහි නැළවෙන්නට....

දසතම ඒ මල් සුවඳින්....
පිබිදීලා සැනසීලා....
අපේ ලොවෙහි සතුට විඳිමු....
ආදරයෙන් සැනසීලා....

සංසාරෙන් සංසාරෙට....
ඉන්නට ඇති හැමදාමත්....
ඔබ මා ළඟ එක් වීලා....
අහිමි වුනත් දෑත් දෙපා....
නෑ අඩුවක් මා සෙනෙහේ....

රැක ගන්නම් ඔබව සදා....
ආදරයෙන් පෙර විලසම....
නොසැලෙන්නම් කිසිම විටෙක....
කෙතරම් බාධක ආව ද....

සැතපෙන්නම් ඔබේ ළඟ ම....
සිනහව ඔබ හට පුදලා....
ආදර ගඟුලෙහි නැළවෙමු....
සතුටින් අප එක් වීලා....

හැමදාමත් ඔබේ වැඩට....
සතුටු වෙලා දිරිය වෙලා....
අපේ ඔරුව පැදගෙන යමු....
ජීවන ගඟ එතෙර බලා....


මගෙ ඇත් රජුනේ.......


පුතෙක් විලසින් ම හැම දින මට දැණුනේ....
දරු සෙනෙහසින් පිරිලයි මා ළය පිදුනේ....
එදා මෙන් ම හීලයි.. මට නම් නෑ.. නපුරු වුනේ....
මගේ ඇත් රජුනි.. නිදියන් ඉතින්.. දැන් සංතොසිනේ....

උඹේ ළඟින් හැමදාමත් මම ඉන්නම්....
නපුරු දනන්ගෙන් පණ මෙන් රැක ගන්නම්....
පියතුම වගේ ඔබ හට නිති දිරි දෙන්නම්....
මව්තුම වගේ ඔබ වෙත ආසිරි දෙන්නම්....

තනියට මගේ දිවි ගමනට එකතු වෙලා....
උඹ තනි රකියි මගෙ ලෝකයෙ පහන වෙලා....
වැරදීමකින් මම බැන්නොත් නපුරු වෙලා....
නොතැවෙන් මගේ ඇත් රජුනේ සමා වෙලා....

දින දින ගෙවී ලොකු වීලා තරුණ වෙලා....
උඹ සද්දන්තයෙක් වීලා හෙට දවස බලා....
පා තබනා දින මා ඇත මහළු වෙලා....
සළකාපන් එදාට මා ළඟට වෙලා....

මේ අහපන් මගෙ රජුනේ ළං වීලා....
මා මැරුනොතින් යම් දිනකදි මහළු වෙලා....
නොහඬා ඉඳින් පුතුනේ මට ළං වීලා....
පරිස්සමෙන් ඉඳපන් උඹ නොවී මුළා....

පියතුම වගේ මා හට අද තනි රකිනා....
පියතුම නුඹයි ඇත් ගොව්වනි මා රකිනා....
යන්නට සිතෙනමුත් මට හැම විට නිතිනා....
කොහොමද යන්නෙ හැරදා නුඹ මා රකිනා....

ආසිරි සළා මගෙ හිස අත ගා නිතින....
ආහර සොයා මා වෙත ගෙන එන නිතින....
අම්මා වගේමයි මා හැම දින රකින....
යන්නේ කෙලෙසදෝ වනයට නුඹ දුකින....

මා ලොකු වෙලා මතුදා, දින දින ගෙවිලා....
සද්දන්තයෙක් වීලා, මා තරුණ වෙලා....
දරුණු වෙලා, කිසිවෙකුටත් බිය නොවිලා....
දෙපා තබන දා නුඹ ඇත මහළු වෙලා....

මහළු වෙලා නුඹ එක් තැන් වුණ දාට....
සළකමි අනේ දුකමයි මට ඒ දාට....
පියතුම වගේ හැමදාමත් වූ මෙමට....
රැකගමි කවා රස පලවැල මම නුඹට....

නුඹ මැරුණොතින් යම් දිනකදි නොසිතා මා....
දුකමයි අනේ!.. දන්නේ නෑ.. ඉවසන්නේ.. මා කොහො මා....
හෙළවෙන්නෙවත් නෑ මා නම්.. ඉන්නව දුකින්.. නුඹ ළඟ මා....
නුඹගෙ සෑය සාදමි මම.. සිහිකරනෙමි සැමදා මා....

Comments