සිතක ගී රාවය.......
කිසිවකුට නොඇසෙන්න.. මා හදවතේ ගීතය.. මෙසේ ගයමි මම්.... දින ගණන් වෙහෙසිලා.. සොයාගත් තනුවෙන්ම.. තාලයට සිත පුුරා.... විටෙක සැනසුණා.. විටෙක හිනැහුණා.. ඇසී ඒ නාදයෙන් මා සිතම.... නැළවුණා.. පිබිඳුණා.. මා සිතම ඒ ගී රාවයෙන්.... දිරිය ලැබුණා ගතට.. මගේ ඒ ගීත තාලයෙන්.... සතුටුු වෙමි ඒ ගීය ගයා.. දුක් කඳුළු වියලිලා.. මා සිතම පිබිදිලා.... සිතට එඹිකම් කළෙමි මම්.. කවුරුන් ද ලියන්නේ ඒ ගීතයේ පදවැල්.. කවුරුන් ද වයන්නේ ඒ ගීතයේ තනුවත්.. මම්ම බැව් පසක් විණි මට.... අසන්න ඔබත් ඒ මිහිරි ගීතය.. ඔබ සිතට ළංව.. ඔබේ සිත වයනා.. ඔබේ සිත ගයනා.. පිබිදෙන්න.. ඒ හඬින්.... දිරිගන්න.. ඒ ගීත රාවයෙන්.... ජය ගන්න.. ඔබේ ජීවිතයත්.... ඒ සිතේ මහිමයෙන්.... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා