සිතක ගී රාවය.......

කිසිවකුට නොඇසෙන්න..
මා හදවතේ ගීතය..
මෙසේ ගයමි මම්....
දින ගණන් වෙහෙසිලා..
සොයාගත් තනුවෙන්ම..
තාලයට සිත පුුරා....
විටෙක සැනසුණා..
විටෙක හිනැහුණා..
ඇසී ඒ නාදයෙන් මා සිතම....

නැළවුණා.. පිබිඳුණා.. 
මා සිතම ඒ ගී රාවයෙන්....
දිරිය ලැබුණා ගතට..
මගේ ඒ ගීත තාලයෙන්....
සතුටුු වෙමි ඒ ගීය ගයා..
දුක් කඳුළු වියලිලා..
මා සිතම පිබිදිලා....

සිතට එඹිකම් කළෙමි මම්..
කවුරුන් ද ලියන්නේ ඒ ගීතයේ පදවැල්..
කවුරුන් ද වයන්නේ ඒ ගීතයේ තනුවත්..
මම්ම බැව් පසක් විණි මට....
අසන්න ඔබත් ඒ මිහිරි ගීතය..
ඔබ සිතට ළංව..
ඔබේ සිත වයනා.. 
ඔබේ සිත ගයනා..
පිබිදෙන්න.. ඒ හඬින්....
දිරිගන්න.. ඒ ගීත රාවයෙන්....
ජය ගන්න.. ඔබේ ජීවිතයත්....
ඒ සිතේ මහිමයෙන්.... 


 කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

  

Comments