නමඳිමු අප මව් භූමි....! රැකගමු අප ලක් මෑණී....!


මා උපන්න දේශයයි....! මා උපන්න භූමියයි....!
උදාර හැඟුමන් පුබුදා....!
නැළවෙමි ඔබ තුරුලේ....!
සැනසෙමි ඔබ සිසිලේ....!

සුන්දර මා ලක් මෑණී....! පින්බර මා ලක් මෑණී....!
දෑ බැති මල් පුබුදා....!
හෙළ විරු සිහි කරලා....!
වඳිනෙමු ලක් මෑණී....!

රන්මැලි සෑ වෙහෙරේ....! සිරිමා බෝ සිසිලේ....!
ඉපිද දැයේ හෙළ බොදු මල්....!
දින දින වැඩිලා බැතියෙන්....!
දසත සුවඳ දෙනවා....!

සිහිකරනෙමු බැති සිතින්....! විරුවන් සැම හදවතින්....!
ලේ දහඩිය වැගුරුවා....!
දිවියම පූජා කළා....!
ලක්මෑණිව රැකගෙන....!

කලා වැවේ සිසිලෙනි....! තිසා වැවේ සිසිලෙනි....! 
හෙළ මගෙ රට පිබිඳුනේ....!
වැව් ගං දිය ඇලි ගලා....!
ලක්මෑණිව හැඩ කළේ....!

සිරි පැරකුම් රජු අපේ....! දුටුගැමුුණුුත් රජු අපේ....!
වැව් දාගැබ් ඉදි කළා....!
රට එක්සේසත් කරමින්....!
ලක්මෑණිව සැනසුවා....!

ලොවෙන් උතුම් රට මගේ....! ලොවට වටින රට මගේ....!
දින දින වැජඹේවා....!
සැමදා රැකදේවා....!
පින්බර මා ලක්මෑණී....!

බුදුන් වැඩිය පින් බිමයි....! බුදුන් රකින පින් බිමයි....!
ලෝකයේම ජීවයයි....!
අප සැමගේ භූමියයි....!
සිරි ලංකා මෑණියයි....!








කාව්‍ය සංකල්පනාව
ප්‍රියංජලී මංගලිකා

Comments