වවලා ගසක් රැක ගමු සොබඳම් මෑණී!


වවලා ගසක් රැක ගමු සොබඳම් මෑණී!
දිරි ගමු සිටුවන්න එළවළු නිති පලිනී!
වස විෂ නොකා වවලා කමු හද තුටිනී!
රැකගමු අපේ දිය බිඳුවත් නොව හානී!

හිරු රැස් වැටී බබළන අප ගෙවත්තෙන්....
ගෙන දෙයි සිරිය නිතරම බැලු බැලු පැත්තෙන්....
වවලා වෙහෙස දරලා එය මහන්සියෙන්....
දැනෙනා සතුට නැත වස විෂ කෑමෙන්....

දිරිගමු සිටුවන්න පැළයක් හැකි විලස!
දින දින වවමු පැළයක් වී නෑ අලස!
රැකලා සොඳින් ඒවා දළුලන විලස!
ලැබගමු පලින් බර යුුගයක් හෙට දවස!








කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා


Comments