Posts

නැවුම් පැතුම් සිත දරා.. දෙපා තබමු නව වසරට සතොසින්....

නව වසරක් එළඹෙනා.... ආසිරි මල් පිබිඳෙනා.... මෙත් සිසිලෙන් නැහැවෙනා.... දෑ බැති මල් පිබිඳෙනා.... සමඟි දමින් හැඩ වෙනා.... කුළුණු ගුණෙන් සපිරෙනා.... සිත් මල් සුවඳින් නැළැවෙන.... නව වසරක් එළඹෙනා.... ජය සිරිමා බෝ.. සමිඳු බලයෙන්.... රුවන්වැලි සෑ .. අනුහසින්.... රැක දේවා.. අප සැම දෙන.... ආසිරි මල්.. වරුසාවෙන්.... ගිය වසරේ.. ලැබු පැරඳුම්.... සිත් රිඳවුම්.. ලද ගෙරවුම්.... සිහියට ගෙන.. ලද ජය පැන්.... දෙපා තබමු.. සිත් සතොසින්.... කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
  දැනට 30,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 30K. Of course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා කවි පදත් මනරම්.... පුබුදුවා රස හ

සිනා සෙන්නට වෙර දරන ලක් මෑණියේ....

 ඈ අපේ ලක් අම්මාය.. දිනේ 2022 ජූලි 9 වන දාය.. සැනහෙන්නට ඇත අද ඇය පියා සමඟින්.. දොඩන්නට ඇත වදන් සතුටින්.. ඇය වැදූ උතුම් දූ පුතුන් ගැන.... සුසුම් ලන්නට ඇත ඇය අද.. තම දිවි පරදුවට තබා, ලේ කඳුළු හෙලූ දූ පුතුන් ගැන.... මෙතුවක් කලක් හුස්ම ගනිත්දැයි නොදත් ඇය අද හුස්ම ගන්නීය.. නරුම දේශපාලන පාලකයින්ගේ අපලයෙන්.. අද ඇය මිදෙන්නීය....   රන් අකුරින් ඉතිහාසයේ ලියවෙන අද දිනයේ... ඇයට ආදරය කරන උතුම් දූ පුතුන්.. එකට එක්ව, යදම් වැල් මෙන්, ඇයව රකිද්දී.. ඇගේ නෙතින් සතුටු කඳුලැල්.. ගලා එන්නට ඇත.... ලක් මෑණියන්ට ණය නැත; ඒ දූ පුතුන් අද.. සියළු දුක් සිත දරා, මිහිකත සේ උසුලමින්.. ගෙවූ ඒ අමිහිරි දවස් ගැන නොසිතා.. සිනා සෙන්නට වෙර දරමු අපි ඉතින්.. මගේ ලක් මෑණියේ.... ඔබ වෙනුවෙන් උපන්.. පහන් සිතිවිලි සමුදාය.. පොදි බැඳගෙන පණ පොවමි.. ඒ නිසංසල සිතිවිලි වලට.. ඔබ වෙනුවෙන් උපහාර පුදන්නට.. මගේ ලක් මෑණියේ.... කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
දැනට 29,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 29K. Of-course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා කවි පදත් මනරම්.... පුබුදුවා රස හැඟ

අපේ පුතා හොඳ ළමයෙක් දන්නවාද හාමිනේ..

Image
 මයිනා පැටියා පස්සෙන් මං දුවලා දුවලා දුවලා ගියා.. දන්නෙම නෑ වැව් කණ්ඩිය, ඔන්න මෙන්න කකුල ගියා.. කිසිම දෙයක් දැනුණේ නෑ මට මොනාද උනේ කියා.. එහා ගමේ මාමලා ටික මා බේරලා යන්න ගියා.. වැවේ වතුර නැති නිසාලු, බේරුණෙ මම පින නිසාලු.. මාමා කෙනෙක් කියනවා මට ඇහුණා අද වුනේ යාලු.. දවස් 2ක් විතර මඩේ එරිලා මම කලන්තේලු.. කවුද කෙනෙක් කියනවා මට ඇහුණේ ඒ බය නිසාලු.. අම්මා තාත්තා දෙන්නම මාව සොයන් වැලපුනාද.. මාත් හරිම බ‍යෙන් හිටියෙ තනි වීලා උනේ මොකද.. මා වැටුණා පමණි මතක වැව් කණ්ඩියෙ ලිස්සා තද.. සිහිය නැතිව දවස් 2ක් සිටියලු මම මහ වැව මැද.. අම්මා තාත්තා දාලා යන්නේ නෑ මා කොහෙවත්.. ආයේ මයිනා පැටියා එක්ක සෙල්ලම් නෑ කවදාවත්.. එදා දීපු දුක් ගින්දර දෙන්නේ නෑ කවදාවත්.. අම්මා තාත්තා දෙන්නට දුන්නේ දැන් හාදුවකුත්.. අපේ පුතා හොඳ ළමයෙක් දන්නවාද හාමිනේ.. හරි හුරතල් ඇත් පැටියෙක් ඉන්නවාලු හොඳින්නේ.. එදා ගියත් වැරදීලා ආදරෙ‍යිලු ඉතින්නේ.. අම්මා තාත්තා දෙන්නත් ආදරෙ‍යිලු ඉතින්නේ.. කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා

සංසාරේ අපි........

Image
වසර කිහිපයකි මිනිස් ලොවේ.... වසර කිහිපයකි අනෙක් භවේ.... කවදා කෙදිනක ඇරඹුම ජීවේ.... නොදනිමු අප සැම මේ භවේ.... දින, සති, වසරක් නොදැනිම ගෙවෙනා.... පුදුමයි අරුමය සසර පුරා.... දෙව් මනු තිරිසන් අත් බැව් ලබලා.... ගෙවා ඇවිත් මුළු සසර පුරා.... පෙර අත් බැවහි අපගේ මව් පිය.... මේ අත් බැව්හි වේදෝ එලෙසම.... පෙර අත් බැවහි අපගේ දූ දරු.... මේ අත් බැව්හි වේදෝ එලසම.... පෙර අත් බැව්හි අපගේ මව් පිය.... මේ අත් බැව්හි හමුවී එලෙසම.... පෙර අත් බැව්හි අපගේ දූ දරු.... මේ අත් බැව්හි හමුවී එලෙසම.... පෙර අත් බැව්හි අපගේ මව් පිය.... මේ අත් බැව්හි නෑ හමුවන්නේ.... පෙර අත් බැව්හි අපගේ දූ දරු.... මේ අත් බැව්හි නෑ හමුවන්නේ.... අපගේ මව් පිය සොහොයුරු ආදී.... හමු වී දූ දරු මිතුරන් ආදී.... ගෙවෙනා සතුටින් සැම දෙන සෑදී.... නොදනිමු මතු භව මේ ලෙස උපදී.... දුලභය මිනිසත් භව ලැබ ගැනුමත්.... දුලභය සිරිලක වාසය ලැබුමත්.... දුලභය ධර්මය නිසි කල ඇසුමත්.... ලැබ ගමු නිසි ඵල භවයේ මිනිසත්.... කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකා

දින දින ගෙවී.. මගෙ රන් පුතේ..දින දින ගෙවී..මගෙ රන් දුවේ.. ප්‍රතිඵල ඇවිත්.. ශිෂ්‍යත්වයේ....

Image
මල් කැකුළු වන් මා සුරතල් දුවේ.... මල් කැකුළු වන් මා සුරතල් පුතේ.... හිනැහී සදා මා සනසන් දුවේ.... හිනැහී සදා මා සනසන් පුතේ.... දින දින ගෙවී.... මගෙ රන් පුතේ.... දින දින ගෙවී.... මගෙ රන් දුවේ.... ප්‍රතිඵල ඇවිත් ශිෂ්‍යත්වයේ.... ප්‍රතිඵල බැලූ මා දූ පුතුනි.... සතුටින් ද ඔබ දැන් අද දිනේ.... මව් පිය පැතුම් ඉටු කළ සොඳින්.... මා දුව පුතේ තුටු වී සොඳින්.... ගෙන යන්න ඉගෙනීම සැමදා සොඳින්.... ප්‍රතිඵල බැලූ මා දූ පුතුනි.... දුක් වූවදෝ ඔබ දැන් ඉතින්.... ප්‍රතිඵල මදී සිතලා සොවින්.... ඉටුු කළෙ නැතැයි මව් පිය පැතුම්.... ශිෂ්‍යත්වයෙන් ඔබ අසමත් වුවත්.... දිරි ගෙන සිතින්.... හැකි වෙර යොදා.... ඉගෙනීම නිබඳා.... කළදා දුවේ.... ඉගෙනීම නිබඳා.... කළදා  පුතේ.... මතු දා වාසනා වේ මගෙ රන් දුවේ.... මතු දා වාසනා වේ මගෙ රන් පුතේ.... මා පිය පැතුම් හැම ඉටු කොට සොඳින්.... රට බබළවා, ලොව බබළවා.... ඔබේ නම රන්දා සිරි ලක් බිමේ.... ඔබේ නම රන්දා මේ මුළු ලොවේ.... පා නගන්නට ලොවට මගෙ රන් දුවේ.... පා නගන්නට ලොවට මගෙ රන් පුතේ.... දිරි ලැබේවා ඔබට සැමදා දුවේ.... දිරි ලැබේවා ඔබට සැමදා පුතේ.... සැම මව්පියනි, සැම ගුරුතුමනි.... රැක ගන්න දරු