මිලින කුසුම්.....




විකසිත විණි තඹරු මලක් මෙන්...
ඒ ළඳරු කුමරිය....
විකසිත වත්ම ඒ සියුම් මල් පෙති,
තලා වනසන්නට තරම්
සැහැසි වූවෝ කවුරුන්ද?
මිනිස් භවයේ උපත ලද්දන්ම නොවේද?


මාපිය හදේ දැවෙනා ලසෝ ගිනි.....
කාට නම් නොපෙනේද?
මිනිස් වෙසින් දිවි ගෙවන්නාවූ
මෙවන් මිනිසුන්ගෙන්,
රැකගත යුතුය ඒ තඹරු මල්.....
නැතහොත් කෙසේ විකසිත වන්න ද,
ඒ සියුම් මල් පෙති..........

පණ පොවමි පන්හිඳට..
ලියන්නට වදනක්....
නුඹ නමින් සොයුරියේ....
නැවත නූපදීවා මෙවන්..
නරුමයන් පිරි ලොවක....
ඉපදේවා මතුත්..
මිනිසුන්ම ඇති ලොවක....




කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා 

Comments