පියාණනි.......
හිරු සදිසි නිවසේ...
දුන් එළිය නිබඳේ...
සියලු දුක් සතොසේ...
දැරූ හැටි අප සැමට රහසේ.......
මහමෙරක් උසයි
දරු පෙම සිත පතුලේ...
රකින හැටි අපව
දී හැම සැප සිත සතොසේ...
විඳිමින් සතුට දුක තනිවම
හද රහසේ...
හැඬුවා හිනැහුණා සැමටම
හොර රහසේ.......
දණ ගාමින් සිටි මට අත දුන් සැටි
මතකයි තාමත් පියාණනි....
ගුරු හරුකම් හැම දුන්නා නිබඳව
මතකයි තාමත් පියාණනි....
මහලුව බැරි උනදා මා ඔබ රැකගමි
සතුටින් ආදර පියාණනි....
පතනෙමි සැමදා නිරෝගි සම්පත
ආදරබර මගෙ පියාණනි....
Comments
Post a Comment